Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2020 14:00:36 Hours

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් අවහිර වූ මාවුස්සාකැළේ මාර්ගය යළි යථා තත්ත්වයට පත් කරයි

නුවරඑළිය, මාවුස්සාකැළේ, මෝහිනිඇල්ල ප්‍රදේශයේදී මාවුස්සාකැළේ (බී149) මාර්ගයට ඉකුත් ඉරිදා (09) දින උදෑසන 10.45 ට පමණ කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් යුහුසුළුව කටයුතු කර තිබුණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ 112 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.එන්. ගුණවර්ධන විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ භටපිරිස් පැය කිහිපයක් තුල එම මාර්ගයට කඩාවැටුණු පස් ඉවත් කර එම මාර්ගයේ ගමනා ගමනය යළි යථා තත්ත්වයට කිරීමට කටයුතු කළහ.

තවත් එක් සමාජ සත්කාරයක් ඉටු කරමින් ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භටපිරිස් මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට, ප්‍රදේශයේ පොලිසියට සහ අනෙකුත් බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී තිබුණි. Best jordan Sneakers | UK Trainer News & Releases