Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2020 13:48:02 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර

බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැනක්දෙමින් 12 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ හමුදා ගෞරවාචාර මධ්‍යයේ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් ඉරිදා (09) දින සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

ප්‍රධාන දොරටුව අභියසදී පිරිනැමු කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය නව ආඥාපතිතුමන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළ නව ආඥාපතිතුමන් ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. පසුව, භටපිරිස් ඇමතූ නව ආඥාපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අනාගත සැලසුම් විස්තර කරමින් සිය රාජකාරි කටයුුතු සඳහා සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටියේය. එතුමන්ගේ වසර 34 කට නොඅඩු යුද්ධ හමුදා දිවිය තුලදී, එතුමන් සිදු කළ ධෛර්ය හා කැපවීම අගය කරමින් ‘රණ වික්‍රම පදක්කම’ මෙන්ම දෙවතාවක් ‘රණ ශූර පදක්කම’ සහ ‘දේශ පුත්‍ර සම්මානයෙන්’ තෙවතාවක් පිදුම් ලැබීමට ද එතුමන් භාග්‍යවන්ත විය.

එතුමන්, සිය යුද්ධ හමුදා දිවිය තුලදී, 5 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි, පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, මානුෂික මෙහෙයුම් පැවැති සමයේ 572 වන බලසේනාවේ බලසේනාධිපති, 111 වන බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මුලස්ථානයේ ස්වාධීන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 61 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 54 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු අණ හා මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. නව පත්වීමට ප්‍රථම එතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කළේය.

මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කර තිබුණි.

මෙම අවස්ථාවට 51, 52 හා 55 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ. latest Nike release | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival