Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2020 11:00:02 Hours

අඩු අදායම්ලාභී පවුලක් වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය තවත් නව නිවසක් ඉදිකරදෙයි

යාපනය මනිපායි ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුලක දැවෙන ගැටළු පිළීබඳ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ අවධානයට ලක් වීමෙන් අනතුරුව එම පවුලේ සාමාජිකයින් වෙත නව නිවසක් ඉදිකිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සිය තාක්‍ෂණික, ඉංජිනේරු මෙන්ම සිය ශ්‍රම දායකත්වය සපයනු ලැබීය.

මීට ප්‍රථම මෙවැනි ව්‍යාපෘති ගණනාවක් සඳහා සිය පරිත්‍යාගශීලී අනුග්‍රහය ලබාදුන් කුමාර වීරසූරිය මහතා ඇතුළු පිරිස නැවත වරක් යාපනය මනිපායි ප්‍රදේශයේ වෙසෙන නන්දිනි රාතීෂ්වරන් මහත්මිය වෙනුවෙන් ඉදිකරන නව නිවස සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නැවත වරක් සිය මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.

ඒ අනුව, අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නිවස මෙන්ම ඊට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින පැවති චාම් උත්සවයකදී එම පවුල වෙත භාරදුන් අතර එම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, පරිත්‍යාගශීලීන්, නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම එම පවුලේ ඥාතීන් ඇතුළු එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකු ද සහභාගී වූහ.

මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා 51 වන සේනාංකයේ අධීක්‍ෂණය යටතේ 511 වන බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සපයනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක, 511 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා භටපිරිස් රැසක් ද සහභාගී වූහ. latest Running Sneakers | NIKE