Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2020 11:20:19 Hours

68 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් පාසල් සිසුවියකට පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ විසින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක දරුවෙකු හට සිය දායකත්වය දක්වමින් පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

පුදුකුඩුඉරිප්පු වල්ලිපුරම් විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් පාසල් සිසුවියකට සපත්තු, ලිපි ද්‍රව්‍ය සහ ශබ්ද කෝෂයක් ඇතුළු පාසල් උපකරණ තොගයක් ඉකුත් අඟහරුවාදා (04) දින එම සේනාංක මූලස්ථානයේදී මෙලෙස පරිත්‍යාග කෙරිණි. Best Sneakers | Gifts for Runners