Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2020 08:30:19 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති 682 වන බලසේනාවේ භටපිරිස් අමතයි

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ඉකුත් සිකුරාදා (31) දින 682 වන බලසේනා මූලස්ථානයෙහී සිය ප්‍රථම නිල සංචාරය සිදු කළ අතර, එහිදි 682 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ගලප්පත්ති විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදි, 682 වන බලසේනාවේ බලසේනාධිපති එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳව සහ දැනට 682 වන බලසේනාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතින් පිළිබඳව ආඥාපතිතුමන් දැනුවත් කළේය.

අනතුරුව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක 682 වන බලසේනාව, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් අමතනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 682 වන බලසේනාව යටතේ ඇති සියළුම ඒකකයන්හී අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. bridgemedia | Women's Designer Sneakers - Luxury Shopping