Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2020 09:22:19 Hours

55 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය රාජකාරී අරඹයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින කඩෙයිකාඩු පිහිටි 55 වන සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී හමුදා සම්ප්‍රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

55 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිළිගැන්වීමෙන් අනතුරුව එතුමන් සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය. එහිදි හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් එතුමන් වෙත පුද කරනු ලැබීය. අනතුරුව එම අවස්ථාව සිහිවිම වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමට ද එතුමන් කටයුතු කළේය.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම අවස්ථාවට එක්ව සිටි පිරිසගේ සුභ පැතුම් මධ්‍යයේ එතුමන් නව ධූරයේ රාජකාරී ආරම්භය සනිටුහන් කළේය.

ඉන් අනතුරුව බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය සියලු නිලයන් අමතමින් 55 වන සේනාංකයේ සංවර්ධනය පිළිබඳ සිය දැක්ම පෙන්වා දෙමින් රට තුළ පවතින සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔවුන්ගේ උපරිමයෙන් රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය. තවද, සිවිල් ප්‍රජා සාමාජිකයින් සමඟ ද සුහඳ සබඳතා ප්‍රවර්ධනය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් අඛණ්ඩ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියා අනුගමනය කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද කරුණු අවධාරණය කළේය.

අනතුරුව එතුමන් සියළු නිල තේපැන් සංග්‍රහයට සහභාගී වී එම අවස්ථාවට එක්ව සිටි භටපිරිස් සමග සුහඳ පිළිසඳරක ද නිරත විය.

මෙම නව පත්වීම භාරගත් බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරන අතර, යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්ෂකවරයා ලෙස ද මින් පෙර රාජකාරී කටයුතු සිදු කර ඇත. 55 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී භාරගැනිමෙන් අනතුරුව පුරප්පාඩු වූ එම තනතුරට බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය පත් කර තිබිණි.

මෙම නව පත්වීම භාරගැනීමේ උත්සව අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ. best Running shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf