Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2020 08:00:19 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් දෙණියාය - ලංකාගම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කරති

ජනාධිපතිතුමන්ගේ නියෝගයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (1) දින දෙණියාය - ලංකාගම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබේ.

5 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් දෙණියාය - ලංකාගම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වශයෙන් මාර්ගය දෙපස පුළුල් කර භූමිය පිරිසිදු කරමින්, අඛණ්ඩව භූමිය සකස් කිරිමේ කටයුතු වල නිරතව සිටී.

මෙයට පෙර අවස්ථාවකදී, 6 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, 12 කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව සහ 11 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිළිවෙලින් හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, දැරණියගල සිරි සමන් ජාතික පාසල සහ දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටි හා ක්‍රීඩාගාරය සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි. Running sport media | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD