Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2020 10:07:54 Hours

කිලිනොච්චි නව ආරක්‍ෂක සේනා ආඥාපති බලප්‍රදේශය තුළ තවත් ක්‍ෂේත්‍ර සංචාරයක නිරත වෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ඉකුත් සෙනසුරාදා (01) දින 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.

4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.එස්.පී සිල්වා විසින් පිළිගැනිමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරනු ලැබීය.

අනතුරුව එම ඒකකයේ භටපිරිස් ඇමතු ආඥාපතිතුමන් වෙත අණදෙන නිලධාරි විසින් එම ඒකකයට අදාළ මෙහෙයුම් හා පරිපාලනමය කටයුතු පිළිබඳ දැනුවත් කරන ලදී. පසුව කඳවුරේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ අතර, එතුමන් සියළු නිල තේපැන් සංග්‍රහයකට ද සහභාගී විය.

අනතුරුව නව ආඥාපතිතුමන් 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත පැමිණි අතර, එහිදි 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ජී.ඒ.ඩී අල්විස් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කරනු ලැබීය. අනතුරුව, එම බලඇණිය විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හා පරිපාලනමය කාර්යයන් පිළිබඳව අණදෙන නිලධාරී විසින් සවිස්තරාත්මක විස්තරයක් ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කළේය. පසුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක් ද සිදු කළේය.

එහිදි, භටපිරිස් අමතමින් සොල්දාදුවන් ලෙස නිරන්තර පුහුණුව තුළින් කැපවීමෙන් ඔවුන්ගේ වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කරමින් තමන් වෙත පවරා ඇති රාජකාරි නිසි ආකාරව ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳව එතුමන් කරුණු අවධාරණය කළේය.

ආඥාපතිතුමන් විසින් එම සංචාරය සිහිවනු වස් මතක සටහනක් ලෙස සංචාරයේ නිරත වූ ස්ථානයන්හී පැළ රෝපණය කරමින් සමරු සටහන් පොත්හී සටහන් තැබීය. Asics shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News