Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2020 11:36:23 Hours

මහජනතාව වෙත ආරක්ෂාව සහ සහජීවනයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්

22 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ගේ ප්‍රධානත්වයෙන්, කුච්චිවේලි ප්‍රදේශයේ මුස්ලිම් මවුලවිවරුන්, ප්‍රජා නායකයින් සහ වෘත්තිකයන් පිරිසකට ප්‍රදේශයේ ආරක්ෂාව සහජීවනය හා සමාජ වගකීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා පවත්වනු ලැබීණි.

221 වන පාබල සේනාංකයේ සංවිධායකත්වයෙන් කුචවේලි සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා 221 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම්, 6 වන විජයබාහු පාබල ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඩී. කේ. ඩී. විතානගේ, මුස්ලිම් මවුලවිවරුන් 48 දෙනෙක් ඇතුළු ඉස්ලාමීය දේවස්ථාන මවුලවිවරුන් සහ ලේකම්වරුන් මෙන්ම කුච්චවේලි ග්‍රාමසේවා වසමේ ධීවර සමිතියේ සභාපති ඇතුළු පිරිසක් සහභාගී වූහ. url clone | Air Jordan Release Dates 2020