Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2020 11:30:23 Hours

නව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත වෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු 2020 ජූලි මස 28 සහ 29 යන දෙදින තුළ 57 සහ 65 යන සේනාංකයන්හී සිය මංගල නිල සංචාරය සිදු කළේය.

57 වන සේනාංකයට සපැමිණි නව ආඥාපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සේනරත්යාපා විසින් පිළිගැනිමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරනු ලැබීය. ඉන්පසු එම අවස්ථාව සිහිවීම වස් කදවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කළ එතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

ඉන් අනතුරුව, 57 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එහි පරිපාලන කටයුතු ඇතුළු මෙහෙයුම් සහ සැපයුම් අංශ පිළිබඳව කෙටි හැදින්වීමක් නව ආඥාපතිතුමන් වෙත සිදු කළේය. එම සංචාරය සනිටුහන් කරමින් 57 වන සේනාංකයේ සියළුම නිලයන් සමග සමූහ ඡායාරූපයකට පෙනිසිටිමට ද එතුමන් එක් විය.

පසුව, එතුමන් 572, 571 සහ 573 යන බලසේනාවන්හී සංචාරය කළ අතර, එහිදි බලසේනාධිපතිවරුන් විසින් තම බලසේනාවන්හී මෙහෙයුම් අංශ සහ භටපිරිස් පිළිබඳව කෙටි හැදින්වීමක් එතුමන් වෙත ඉදිරිපත් ක‍ළහ.

බදාදා (29) දින එතුමන් 65 වන සේනාංක මූලස්ථානයේ සංචාරය කළ අතර එහිදී 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බංඩාර විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය.

එහිදි, 65 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 651, 652 හා 653 යන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන් විසින් තම සේනාංක සහ බලසේනාවන්හී මෙහෙයුම් හා පරිපාලනමය කටයුතු පිළිබඳ අඥාපතිතුමන් දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව අඥාපතිතුමන් 651, 652, 653 බලසේනාවන් සහ මුලන්කාවිල්හි පිහිටි 65 වන සේනාංකයේ බලඇණි පුහුණු පාසලෙහී සංචරයක නිරත වුහ.

එම සංචාරයේදී ආඥාපතිතුමන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියළුම සේනාංක හා බලසේනාවන්හී භටපිරිස් ඇමතූ අතර කැපවීමෙන් තමන් වෙත පවරා ඇති රාජකාරි ඉටු කිරීමේ වැදගත්කම සහ සෙබළුන් ලෙස ලබන නිරන්තර පුහුණුව තුළින් ඔවුන්ගේ වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය.

ආඥාපතිතුමන් විසින් එම සංචාරය සිහිවනු වස් මතකයේ සංකේතයක් ලෙස සංචාරයේ නිරත සියළු ස්ථානවල පැළ රෝපණය කරමින් සමරු සටහන් පොත්හී සමරු සටහන් තැබීය. සංචාරය සඳහා සියළු බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. latest Nike Sneakers | Sneakers