Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2020 14:43:23 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නව කාර්යාල සංකීර්ණය එම රෙජිමේන්තුවෙන් බිහි වූ විශ්‍රාමික යුද්ධ හමුදාධිපති සුරතින් විවෘත වේ

හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ධූරය හොඹවන ජෙනරාල් (විශ්‍රාමික) දයාරත්නායක ගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලැබු පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයට කලක සිට අවශ්‍යතාවක්ව පැවති පරිපාලන කටයුතු සඳහා අංගසම්පූර්ණ තෙමහල් කාර්යාල සංකීර්ණයේ බිම් මහල ඉකුත් බදාදා (29) දින පැවති කෙටි උත්සවයකදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් විවෘත කරනු ලැබීය.

මෙම තෙමහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු මීට වසර කිහිපයකට පමණ පෙර ආරම්භ කරනු ලැබූවේ ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය හොඹවමින් සිටියදී එම මූලස්ථානයේ වඩාත් ඉඩ පහසුකම් සහිත කාර්යාල සංකීර්ණයක අවශ්‍යතාවය පැන නැගිමත් සමගිනි.

එතුමන්ගේ විශ්‍රාම ගැනිමෙන් අනතුරුව එහි ඉදිකිරීම් කටයුතු වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ මඟපෙන්වීම මත සිදු කරනු ලැබු අතර මේවන විට එම ගොඩනැගිලි සංකීර්ණය සාකච්ඡා ශාලාවක්, නියෝජ්‍ය සේනාවිධායක කාර්යාලයක්, විධායක අධිකාරි කාර්යාලයක්, දවසේ කාර්යභාර නිලධාරී කාර්යාල සහ විවේක ගැනීමේ කාර්යාලයකින් ආදි කාර්යාල පද්ධතියකින් හා නව පහසුකම් ආදියෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සුභසාධක අරමුදලේ මූල්‍යමය දායකත්වය ඇතිව මේජර් යූ.එල්.ඩී.කේ පෙරේරා ගේ කැපවීම මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් හී සහය ඇතිව ඉදිකරන ලද ‍සම්පූර්ණයෙන්ම වායුසමනය කරන ලද මෙම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක එම රෙජිමේන්තුවේ වත්මන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු පළකය නිරාවරණය කිරිමෙන් අනතුරුව සම්ප්‍රදායක කිරි ඉතිරවීමේ කටයුතු සිදු කර ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරනු ලැබීය. අනතුරුව දවසේ ප්‍රධාන ආරධිත අමුත්තාගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු අධිපති ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන් ගේ සහභාගීත්වයෙන් බිම් මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී සාකච්ඡාවක් ද පවත්වනු ලැබිණි. buy footwear | Sneakers