Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2020 08:21:23 Hours

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, කටුබැද්ද විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවේ

යුද්ධ හමුදා මුලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකොන් ගේ ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර පසුගියදා කටුබැද්දේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මුලික වැඩපලේ නිරික්‍ෂණ සංචාරයක නිරත විය.

එතුමන් කටුබැද්ද මුලික වැඩපලේ සිදුකළ සංචාරය අතරතුරදී, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ උඩවලව මුලික වැඩපල වෙතින් යොමු කරන ලද සම්පුර්ණයෙන්ම අළුත්වැඩියා කරන ලද වාහන පරික්‍ෂා කළේය.

එහිදී, යුද්ධ හමුදා වාහනවල ඒකාකාරිත්වය පවත්වා ගැනීම සඳහා වාහනවල තීන්ත ආලේප කිරීම පිළිබඳව ද එතුමන් විමසීය. තවද, එම වැඩපලෙහි සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සුහද පිළිසදරක නිරත වූ එතුමන් ඔවුන්ගේ අවශ්‍යතා සහ අනාගත සැලසුම් පිළිබඳව විමසීමක් සිදු කළේය.

කටුබැද්ද මුලික වැඩපල වෙත සපැමිණි යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, යුද්ධ හමුදා මුලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමකොන්, උඩවලවේ පිහිටි මුලික වැඩපලේ සේනාවිධායක කර්නල් අරුන සිරිමානගේ සහ කටුබැද්දේ පිහිටි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මුලික වැඩපලේ සේනාවිධායක ලුතිනන් කර්නල් අජිත් හෙට්ටිගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර කටුබැද්ද මුලික වැඩපලේ සේවය කරන සෙසුනිලයින් සමඟ සුහද පිළිසඳරක නිරතවෙමින් ඔවුන්ගේ සේවය අගය කළේය. best shoes | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth