Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2020 10:01:53 Hours

ගැමුණු හේවා බලකා නව ‘ඇට්ලන්ටා’ (Atlanta) නමින් නිවාඩු නිවස්නය විවෘත වේ

ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බෙලිහුල්ඔය, නන්පේරියල් වතුයායේ අභිනවයෙන් ඉදිකරනු ලැබු ‘ඇට්ලන්ටා’ (Atlanta) නිවාඩු නිකේතනය ඉකුත් සදුදා (20) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බංසජයා ගේ සංකල්පයකට අනුව ගැමුණු හේවා බලකායේ සහ යුද හමුදාවේ සියළු රෙජිමේන්තුවල සාමාජිකයින්ට හා ඔවුන්ගේ පවුල්හි සාමාජිකයන් සඳහා ස්වභාව සෞන්දර්යෙන් පිරිපුන් මනරම් පරිසරයක ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් ඉඩමක පිහිටි නන්පේරියල් වතුයායෙහි 8 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්හී ශ්‍රමදායකත්වය ඇතිව මෙම නිවාඩු නිකේතනය ඉදිකර ඇත.

ගැමුණු හේවා රෙජිමේන්තුවේ සුභසාධක අරමුදලේ මූල්‍යමය අනුග්‍රය ඇතිව ඉදිකරන ලද මෙම නව නිවාඩු නිකේතනය අවට පරිසරය ජෛව විවිධත්වයෙන් සහ කඳුකර නිම්නවලින් සමන්විත වන අතර, එය සුභසාධන ප්‍රතිලාභයක් ලෙස යුද්ධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එම වරප්‍රසාදය භුක්ති විදිමට දැන් ඉඩ ප්‍රස්ථාව උදාවී තිබේ. Mysneakers | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ