Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2020 14:28:25 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් වෙනුවෙන් ජාත්‍යන්තර මානුෂීයවාදී නීතිය පිළිබඳ දේශනයකට සවන්දෙති

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අන්තර්ජාතික රතු කුරුස සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස ජාත්‍යන්තර මානුෂීයවාදී නීතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ජූලි මස 28 සහ 29 යන දිනයන්හි මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ගේ මඟපෙන්වීම මත එම මුලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 යන සේනාංකයන්හී නිලධාරීන් මෙම දෙදින වැඩමුළුව සඳහා සහභාගී වූහ.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ‍ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයෙහි මෙරට නිත්‍ය නියෝජිත ජැක් ලෙමේ (Mr Jacques Lemay) සහ එල්.සී චන්න ජයවර්ධන යන මහත්වරුන් විසින් ‘සම්බන්ධවීමේ නීතිය සහ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරී ජත්‍යන්තර මනුෂ්‍යවාදි නීතිය සිදු කරන ආකාරය පිළිබඳ’ සහ යුද්ධ හමුදා සේවයට වැදගත් මාතෘකාවන් කිහිපයක් යටතේ මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව අවසානයේ නියෝජිතයින් දෙදෙනා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමග සුහද පිළිසඳරක නිරත වූ අතර එහිදී ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම වැඩමුළුව සඳහා මුලතිව් ආරක්‍ෂක මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් සුගත් රත්නායක ඇතුළු 59, 64 සහ 68 යන සේනාංකයන් යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාන්තා නිලධාරීනියන් විශාල පිරිසක් සහභාගී වූහ. trace affiliate link | adidas