Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2020 10:18:25 Hours

57 වන සේනාංකයේ ඉදිරි අනාගත සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව වර්ෂ 2020-25 යුද්ධ හමුදාවේ ඉදිරි සැලැස්ම සකස් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මුලස්ථානයේ පැවැති වැඩමුළුවලට සමඟාමීව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මුලස්ථානය අපේක්ෂිත ඉදිරි කටයුතු පිළිබඳ නව ප්‍රවේශයක් සැලසුම් කිරීමේ දෙදින වැඩමුළුවක් 572 වන බලසේනාවේ, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථාන ශ්‍රවණගාරයේදී ජූලි මස 22 සහ 23 දිනයන්හි පැවැත්විණි.

57 වන සේනාංක මුලස්ථානයේ ඉදිරි අනාගත සැලසුම් සකස් කිරීමේ අරමුණින් පැවැති මෙම වැඩමුළුවේදී, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි සහ බලඇණිවල සේවයේ නියුතු මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ විශ්ලේෂණාත්මක චින්තන හැකියාවන් වර්ධනය කරමින් නව අදහස් ඉදිරිපත් කිරීමට සහභාගි වූ නිලධාරීන්ට අවස්ථාව ලැබීණි.

57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත පැවැති මෙම වැඩමුළුවට 572 වන බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් මෙන්ම 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරින් හා බලඇණි මට්ටමින් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා දායක වන නිලධාරීන් සහභාගී වූහ.

මෙම වැඩමුළුව අතරතුරදී, යුද්ධ හමුදාවේ ඉදිරි උපාය මාර්ග පිළිබඳ න්‍යායාත්මක කරුණු සහ මෙහෙවර අරමුණු කරගනිමින් කාර්යයන් සංකල්පගත කිරීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ දේශනයක් 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කපිල දොලගේ විසින් පවත්වන ලදී. එම නිලධාරීන්ට ඔවුන්ගේ බලඇණිය වෙනුවෙන් නිවැරදි ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා ප්‍රායෝගිකව කටයුතු කිරීමට ද මෙහිදී අවස්ථාව ලබාදුන් අතර බලසේනාවන්හි ඉදිරි උපාය මාර්ග සකස් කිරීමේ ක්‍රියාවලිය නුදුරු අනාගතයේ දී අඛණ්ඩව සිදුකිරීමට නියමිතව ඇත.

මෙම වැඩමුළුව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් යාපා, 571 වන බලසේනාවේ බලසේනාධිපති, 573 වන බලසේනාවේ බලසේනාධිපති සහ 57 වන සේනාංකායේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ඇතුළු මාණ්ඩලික නිලධාරීන් ද සහභාගි වූහ. Nike sneakers | UOMO, SCARPE