Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2020 18:45:47 Hours

515 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වාසවිලාන් ප්‍රදේශයේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනාවේ 32 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් පාලිත ගොඩැල්ලවත්ත ඉකුත් බදාදා (22) දින සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

515 වන බලසේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස දී එම බලසේනාවේ භටපිරිස් විසින් නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් ද පිරිනමන ලදි.

ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිළ ලේඛණයකට අත්සන් තබමින් එතුමන් සිය ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා 515 වන බලසේනාව යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරින්, බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් හා සෙසු නිළයින් ද සහභාගි වූහ. Authentic Nike Sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD