27th July 2020 17:30:30 Hours
පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ පළතුරු බීම හල ඉකුත් සඳුදා (27) දින පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකළ පළතුරු බීම හල, ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් වෙනුවෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් අදීප තිලකරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.
11 වන ශ්‍රි ලංකා සංඥා බලකායේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින්ට පෝෂ්‍යදායී පාන වර්ග ලබාදීමේ අරමුණින් අණදෙන නිලධාරීගේ උපදෙස් මත මෙම සුභසාධක වෙළද සැල ඉදිකරනු ලැබීය. Sports Shoes | Air Jordan 1 Mid - Collection - Sb-roscoff