27th July 2020 17:40:30 Hours
571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එම බලසේනාවේ භටපිරිස් ‘මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ත්‍රිකුණාමලය සුරාබදු දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි ඒ.එම්.එස්.ටී.බී අත්තනායක විසින් පවත්වනු ලැබීය.
මෙම දේශනයේදී, මත්ද්‍රව්‍යයන් නිර්වචනය කිරීම, මත්ද්‍රව්‍ය වර්ග, ඒවායේ අහිතකර බලපෑම්, සහඅදාළ අනෙකුත් ගැටළු සහ ඒ සඳහා වන නෛතික බලපෑම් ආදිය කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කපිල දොලගේ අධීක්‍ෂණය යටතේ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ මෙම දේශනය සඳහා විශාල භටපිරිස් ප්‍රමාණයක් සහභාගී වූහ. Buy Sneakers | NIKE AIR HUARACHE