Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2020 17:15:30 Hours

ස්විස්ටර්ලන්ත තානාපති, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ගරු හැන්ස්පීටර් මොක් මහතා (Mr Hanspeter Mock) සිය ධූර කාලය නිමාකර ශ්‍රී ලංකාවෙන් නික්මයාමට ප්‍රථම සඳුදා (27) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හමුවිය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සිය අතීත මතකයන් ආවර්ජනය කරමින් තානාපතිවරයා සමඟ සුහද පිළිසඳරක නිරත විය.

නික්මයන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගේ සමුගැනීමේ හමුවට, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රසන්න රණවක ද සහභාගි විය. Nike Sneakers | New Balance 991 Footwear