Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2020 09:18:25 Hours

681 වන බලසේනාව වගා ව්‍යාපෘතියක් දියත් කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව දියත් කරන ලද ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා මුලස්ථානයේ ඉකුත් සඳුදා (27) දින පැවති චාම් උත්සවයකදී වගා ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.

68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ සහ 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නලින් හෙට්ටිආරච්චි විසින් කරන ලද ආරාධනයකට අනුව එම අවස්ථාවට සපැමිණි මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක වගා ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් 681 වන බලසේනා කඳවුරු පරිශ්‍රයේ පොල් පැළයක් රෝපණය කරනු ලැබීය.

මේ අනුව, ඉදිරි සති කිහිපය තුළ මෙම කඳවුරු පරිශ්‍රයේ පොල් පැළ 100 ක් සහ අනෙකුත් එළවළු හා පළතුරු වර්ගයන් වගා කිරීමට අපේක්‍ෂිතය.

මෙදින වැඩසටහන සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ හා 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නලින් හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් සහභාගී වූහ. Running Sneakers Store | New Releases Nike