27th July 2020 17:20:30 Hours
පුත්තලම ප්‍රදේශයේ පිහිටි ‘මුස්ලිම් දෑත් සංවිධානයේ’ අනුග්‍රාහකත්වය ඇතිව මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානයේ මුලිකත්වයෙන් එම ප්‍රදේශයේ පිහිටි ළමා නිවාස සහ වැඩිහිටි නිවාස අතර තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක්, රතු සහල් කිලෝග්‍රෑම් 20 ක්, බිස්කට් කිලෝග්‍රෑම් 14 ක් සහ තේ පැකට් කිලෝග්‍රෑම් 04 ක් ඇතුලත් වියළි ආහාර සලාක තොගයක් බෙදාදෙනු ලැබීය.
යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් එම ප්‍රදේශයේ පිහිටි ‘අන්නායි එල්ලාම්’ (Annai Ellam) ළමා නිවාසය, ශාන්ත ජෝෂප් වාස් ළමා නිවාසය සහ ‘ශාන්තෝනම්’ (Shanthonam) වැඩිහිටි නිවාසය වෙත ගොස් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින එම වියළි ආහාර සළාක තොගය බෙදාදුන්හ.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ උපදෙස් පරිදි, එම පරිත්‍යාගය සිදු කල මුස්ලිම් දෑත් සංවිධානයේ සහයෝගය මත මෙම ව්‍යාපෘතිය සංවිධානය කෙරිණි. Nike footwear | Air Jordan Release Dates 2020