27th July 2020 11:21:37 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා අභිනවයෙන් සිය රාජකාරී කටයුතු භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගෙන ඉපැරණි සම්ප්‍රදායන්ට අනුකූලව මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
ප්‍රථමයෙන්, ශ්‍රී දළඳා මාලිගාව වෙත සපැමිණි මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දියවඩන නිලමේතුමන් විසින් පිළිගැනීමෙන් අනතුරුව එහිදී සිදුකළ ආගමික වතාවත්වලට සම්බන්ධ වූ නව ආඥාපතිතුමන් ආශිර්වාද ලබාගනු ලැබීය. නව ආඥාපතිතුමන් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන මහා නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිධාන මහා නායක හිමිපාණන් බැහැදැක උන්වහන්සේගෙන් ද ආශිර්වාද ලබාගත්හ.
පසුව, එතුමන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත පැමිණ එම බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ යතිලාගල රාජකීය විහාරස්ථානයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරත්න හිමිපානන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
එම සියළුම බෞද්ධ විහාරස්ථානයන්හිදී නව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට ආශිර්වාද එක්කරමින් භික්‍ෂුන් වහන්සේලා විසින් ‘සෙත් පිරිත්’ සජ්ඣායනා සිදුකළහ.
මෙම සංචාරය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති, 112 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද එක්වූහ. bridgemedia | adidas poccnr jumper dress pants size