Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2020 12:28:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ භටපිරිස් හිටපු සේනාවිධායකතුමන්ට සිය ගෞරවාචාරය පිරිනමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ හිටපු සේනාවිධායක මෙන්ම වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් ඉකුත් සඳුදා (27) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ දී පැවැත්විණි.

ස්වේච්ඡා බලසේනා මුලස්ථානය‍ට සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ සහ බ්‍රිගේඩියර් පරිපාලන නිලධාරී බ්‍රිගේඩියර් ක්‍රිස්ටි ජයවර්ධන විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන් අනතුරුව, ‘රෙන්ඩෙස්වස්’ (Rendezvous) ක්‍රීඩාංගණය වෙත කැඳවාගෙන යනු ලැබූ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස්ගෙන් සැඳුම්ලත් වර්ණවත් සම්මාන මුරය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන උත්සවය අවසානයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයට ද එක්විය.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන භාරගත් නව ධූරයට සුබපැතුම් එක් කරමින් මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූ අතර එතුමන්ගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සංවර්ධනය සඳහා කළ දායකත්වය වෙනුව‍ෙන් සියලුදෙනා කෘතඥතාවය පළ කළහ. best Running shoes | 『アディダス』に分類された記事一覧