27th July 2020 10:21:37 Hours
සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන හබරන පැරඩයිස් හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, ආරක්‍ෂක අංශ මගින් සිදු කරනු ලබන මෙම මානූෂීය ක්‍රියාව පැසසුමට ලක්කරමින් ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘කොවිඩ් - 19’ අරමුදලට මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.
එම පරිත්‍යාගශීලීන් මෙම මූල්‍යමය පරිත්‍යාගය 53 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් කේ.එල්.අයි කරුණානායක වෙත නිල වශයෙන් භාරදුන් අතර එතුමන් එම මුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘කොවිඩ් - 19’ අරමුදලට බැර කරනු ලැබීය.
එම කණ්ඩායමේ නිරෝධායන කටයුතු ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින අවසන්වීමෙන් අනතුරුව ඔවුන් ‘කොවිඩ් - 19’ අරමුදලට ඔවුන් විසින් මෙම මූල්‍යමය පරිත්‍යාගය සිදු කරන ලදී. best shoes | Women's Designer Sneakers - Luxury Shopping