Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2020 05:21:37 Hours

නව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති සිය බලප්‍රදේශයේ විධිමත් සංචාරයක

මුලිතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බදාදා (22) දින ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත විය.

එම සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් හට ප්‍රධාන දොරටුව අභියසදී එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් (drive-past) පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව ආඥාපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මෙම අවස්ථාවට 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රන්දුල හත්නාගොඩ, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ. latest Running Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ