Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2020 08:21:37 Hours

68 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

68 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ සිය රාජකාරී කටයුතු භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බදාදා (22) දින නන්දිකඩාල්හි පිහිටි 682 වන බලසේනා මුලස්ථානයේ සහ එම බලප්‍රදේශයේ නිල සංචාරයක නිරතවිය.

682 වන බලසේනා මුලස්ථානය වෙත සැපමිණි නව සේනාංකාධිපතිතුමන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ගලප්පත්ති විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය. තවද, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව නිලධාරීන් ද හමුවිය. නව සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් නවතමයෙන් ඉදිකරගෙන යනු ලබන නගර කඳවුර නිරික්‍ෂණය කළ අතර 68 වන සේනාංක පුහුණු පාසල, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුවේ ද එතුමන් සංචාරයක නිරත විය. Best Authentic Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger