Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2020 14:01:53 Hours

ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපති හමුවේ

ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood) බදාදා (27) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ නව ආරක්‍ෂක උපදේශකතුමන්, දෙරටට අතර පවත්නා අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රශිලිත්වය පිළිබඳ වැදගත් කරුණු මෙහිදී සුහදව සාකච්ඡා කළේය. මෙම සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සුහදතාවයේ සංකේතයක් ලෙස සමරුතිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානීගෙන් නික්ම යාමට ප්‍රථම, ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood), ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 තත්ත්වය පිළිබඳ කරුණු විමසන ලදී. මෙම සුහද හමුව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී මිශ්‍රා (Lieutenant Colonel Ravi Mishra) ද සහභාගි වූහ. Sportswear free shipping | Nike Off-White