27th July 2020 12:21:37 Hours
මුලතිව්, නයාරු පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලා අංක -07 හි විසිරයාමේ උත්සවය ඉකුත් සිකුරාදා (25) දින අති උත්කර්ෂවත් අන්දමින් එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.බී.එස්.සී. නොනිස් මහතා සහභාගි විය.
විශේෂ බලකායේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 24 දෙනෙකු, කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙසුනිලයින් 8 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බලකායේ නිලධාරීයෙකු සහ සෙසුනිලයින් දෙදෙනෙකු පාඨමාලාව සාර්ථකව හැදැරීමෙන් අනතුරුව මෙම පෙළපාලියේදී විසිරගියහ.
මෙම විසිරයාමේ පෙළපාලියේදී, විසිරයන සෙබලුන් නයාරු මුහුදේ දී සිය කුලසතා ප්‍රදර්ශනය කළ අතර එම අවස්ථාවට යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රදීප් සිල්වා, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් යාපා, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති ඇතුළු මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ 59 වන සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. Asics footwear | Sneakers