Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2020 16:13:15 Hours

යාපනයේ භටපිරිස් විසින් යාපනයේ තරුණ තරුණියන්ට ‘සහයෝගිතා කේන්ද්‍රයක්‘ ඉදිකර දෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ විවෘත කරනු ලැබු ‘සහයෝගිතා කේන්ද්‍රය‘ හා සමාන මධ්‍යස්ථානයක් යුද්ධ හමුදා සිවිල් සමාජය අතර අන්තර් සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ ජීවත්වන තරුණ තරුණියන්ට ද ඔවුන්ගේ සහජ කුසලතා, සංස්කෘතික කුසලතා, ජන සංගීත අංග, සෞඛ්‍ය හා අධ්‍යාපන ව්‍යාපෘති පැවැත්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් යුතුව ඉදිකරනු ලැබු ‘සහයෝගිතා කේන්ද්‍රය‘ ඉකුත් සෙනසුරාදා (25) දින සිවිල් ජනතාව වෙත පවරා දෙන ලදී.

ප්‍රතිසංස්කරණය කරන ලද පැරණි නිවසක ඉදිකරනු ලැබු මෙම නව ප්‍රජා සත්කාරක මධ්‍යස්ථානය යාපනයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන තරුණ තරුණියන් වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව ඉදිකර තිබිණි.

ඒ අනුව යාපනයේ ඉදිකරන ලද නව ‘සහයෝගිතා කේන්ද්‍රය’ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සුභ පැතුම් මධයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිහිප දෙනෙකුගේ සමීප සහයෝගයෙන් කළමනාකරණය කිරීමට නියමිතව ඇත. තවද මෙම මධ්‍යස්ථානය සිවිල් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩ සැලසෙන දිගු කාලීන ක්‍රීඩා, තොරතුරු තාක්ෂණ හා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරිම සඳහා පදනමක් වනු ඇත.

යාපනයේ සිවිල් ජනතාවගේ සාමය, සංහිඳියාව සහ යහපැවැත්ම පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් මල්පළගන්වමින් නව ‘සහයෝගිතා කේන්ද්‍රය’ එහි සංකල්පීය නිර්මාතෘ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් ඉකුත් සෙනසුරාදා (25) දින පැවති චාම් උත්සවයකදී විවෘත කරන ලදී. එම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 515 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ. Nike Sneakers | adidas Yeezy Boost 350