27th July 2020 14:21:37 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 15 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ඉකුත් ඉරිදා (26) දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කෙරිණි.
ප්‍රථමයෙන්, මුලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව ආඥාපතිතුමන් වෙත කඳවුරු මුරයක් පිරිනැමීය. ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමියේදී පැවැති වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට එක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සියළුම ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළ නව ආඥාපතිතුමන් වෙත තම සුබපැතුම් පිරිනමන ලදී. පසුව, එම අවස්ථාව සංකේතවත් කරමින් පැළයක් රෝපණය කළ නව ආඥාපතිතුමන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ නව ආඥාපතිතුමන් විසින් කැපවීම හා වෘත්තිය කුසලතා ප්‍රවර්ධනය කරමින් පැවරී ඇති රාජකාරී ඉටු කිරීමේදී නිරන්තර පුහුණුවීමේ ඇති වැදගත්කම පෙන්වාදුන්නේය. තවද, සියලුදෙනාගේ විනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද අවධාරණය කළ නව ආඥාපතිතුමන් කාර්යක්‍ෂමව හා ඵලදායීව සිය රාජකාරී ඉටු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
නව ආඥාපතිතුමන් වැඩ භාරගැනීම වෙනුවෙන් පැවති උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් එක්වූහ. latest jordan Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5