Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2020 23:23:39 Hours

කිළිනොච්චි ආඥාපතිතුමන් සිය ධූරයෙන් නික්ම යයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න මාස 7 ක පමණ කාලයක් එම ධූරය හොබවා නික්ම යාමේ උත්සවය ඉකුත් සිකුරාදා (24) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නික්ම යන ආඥාපතිතුමන් වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන මුරය පිරිනමනු ලැබිය.

පසුව, කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තැබීය. ඉන් අනතුරුව, එතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී සියලුම නිලධාරින් සහ සෙසු නිලයින් ඇමතූ ආඥාපතිතුමන් එතුමන්ගේ සේවා කාලය තුල සියලුම නිලධාරින් සහ සෙසු නිලයින් ලබාදුන් සහයෝගයට කෘතඥතාවය පුද කළ අතර නව ආඥාපතිතුමන්ට ද එම සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. පසුව පැවති සියලු නිල තේපැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය.

නික්ම යන ආඥාපතිතුමන් වෙනුවෙන් ගෞරවාචාර පිරිනැමීමෙන් අනතුරුව එතුමන් වෙනුවෙන් එදින සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේදී සියලු සේනාංකාධිපතිවරුන්, කිළිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපතිතුමන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු එදිනට නියමිත සමුගැනීමේ උත්සව කටයුතු නිමාවට පත්විය. Mysneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE