Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2020 17:12:01 Hours

22 වන සේනාංකය අභිමානවත් අයුරින් සිය සංවත්සරය සමරයි

වර්ෂ 1997 ජූලි මස 23 දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද 22 වන සේනාංකයේ 23 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

මෙම සංවත්සර දිනයට සමගාමීව, ඉකුත් බදාදා (22) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ‘රේවත’ ළමා නිවාසයේ වෙසෙන ළමුන්ට රාත්‍රි භෝජන සංග්‍රයක් පිරිනැමු අතර ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින එම ප්‍රදේශයේම පිහිටි ජයසුමනාරාම විහාරස්ථානයේ වැඩවාසී මහා සංඝරත්නයට ‘හීල් දානය’ පූජා කිරීමේ පුණ්‍ය වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.

සංවත්සරයට සමගාමීව පැවැති මෙම වැඩසටහන් සඳහා එම සේනාංකයේ සියළුම නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ. best Running shoes brand | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5