Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2020 18:00:47 Hours

කොරතොට රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධර්ම මන්දීරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කඩුවෙල කොරතොට ඓතිහාසික ශ්‍රී ශෛලාරාම රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය හබරකඩ සෝභිත නායක හිමිපාණන්ගේ ආරාධනයකට අනුව එම විහාරස්ථානයේ අද (25) දින පස්වරුවේ පැවති ‘දහම් සභාව’ පුණ්‍ය මහෝත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රී සෝභිත නාහිමි ධර්ම මන්දීරය විවෘත කෙරිණි.

මහෝපාධ්‍යාය ආචාර්ය නියංගොඩ ධර්මකිර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි හිමිපාණන් විසින් මුලසුන දැරූ මෙම පුණ්‍ය උත්සවයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රී සෝභිත නාහිමි ධර්ම මන්දීරය විවෘත කිරීමෙන් අනතුරුව ‘දහම් සභාව’ පැවැත්විණි. සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා පංචසීලය සමාදන්වීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක හිමිපාණන් විසින් පිළිගැනීමේ අනුශාසනාව සිදුකළහ.

මෙම පූණ්‍ය උත්සවය අතරතුරදී, අතුරුගිරියේ සුබෝධ ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත්’ ග්‍රන්ථය එළිදැක්විණි. තවද, කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරත්න නායක හිමිපාණන් විසින් ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් එළිදැක්වූ නව ග්‍රන්ථය පිළිබඳ විස්තර කළ අතර විහාරස්ථානයන්හි ඓතිහාසික මූලයන් සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳව පැහැදිලි කළේය.

මෙම මහඟු පූණ්‍යකර්මය සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු එම විහාරස්ථානයේ දායක දායිකාවන් විශාල පිරිසක් ද සහභාගී වූහ. Mysneakers | Nike