Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2020 17:49:14 Hours

වෘත්තිකයින්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට වරම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට පිරිමි හා කාන්තා වෘත්තිකයින් බඳවා ගැනීම සඳහා යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව, නිර්වින්දන වෛද්‍ය උපදේශකයින්, අක්‍ෂි ශල්‍ය වෛද්‍ය උපදේශකයින්, මනෝචිකිත්සක උපදේශකයින්, චර්ම රෝග විශේෂඥයින් උපදේශකයින්, වෛද්‍ය උපදේශකයින්, පිළිකා රෝග උපදේශකයින්, මුත්‍රා ශල්‍ය වෛද්‍ය උපදේශකයින්, ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය උපදේශකයින්, විකලාංග දන්ත වෛද්‍ය උපදේශකයින් සහ දන්ත වෛද්‍යවරුන්ට 2020 අගෝස්තු මස 20 වන දිනට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීම සඳහා අයඳුම්පත් ඉදිරිපත් කළ හැකිය.

මෙලෙස බඳවාගනු ලබන නිලධාරීන් සඳහා මාසික වැටුපට අමතරව ප්‍රවාහන, නිල ඇඳුම්, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම්, වරප්‍රසාද ඇතුළු සියළුම දීමනාවන් හිමිවනු ඇත. අයදුම්පත බාගත කරගැනීමට යුද්ධ හමුදා වෙබ් අඩවියේ (www.army.lk) මුල් පිටුවේ ‘අප හා එක්වන්න’ කොටසට පිවිසෙන්න.

වැඩි විස්තර සඳහා 0112514603, 0112514605 දුරකථන අංක ඔස්සේ අමතන්න. Sports News | Nike