27th July 2020 17:15:30 Hours
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති හිමිපාණන් ලෙස සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ වත්මන් මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් පත් කිරීමෙන් අනතුරුව අද (24) දින උදෑසන ප්‍රථමවරට එම විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි නව කුලපති හිමිපාණන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ජයසුරිය, ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය සම්පත් අමරතුංග මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.
වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවැති යුද්ධයේදී හමුදාවන්ට ආශීර්වාද කිරීමට සහ කිලිනොච්චි සහ වෙනත් ස්ථානවල ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද බෞද්ධ ස්ථාන නැවත ස්ථාපිත කිරීමට ඉවහල් වූ නව කුලපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන්, පසුගිය දශක දෙකක කාලය තුළ යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද උතුරේ බෞද්ධ ව්‍යාපෘතින්ට මඟපෙන්වීම සහ අනුග්‍රාහකත්වය ද ලබාදුන්නේය. එකල 58 වන සේනාංකය වන්නි ප්‍රදේශයේ මෙහෙයුම් දියත් කරන අතරතුර කිලිනොච්චි නගර මධ්‍යයේ පිහිටි ලුම්බිණි විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ද එවැනි එක් අවස්ථාවකි.
එමෙන්ම, වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සමීපව කටයුතු කළ නව කුලපති හිමිපාණන් සාමය උදාකිරීම සඳහා සිදුකරන ලද යුද්ධයේ තීරණාත්මක අදියරයන්ට පිවිසෙන අවස්ථාවලදී, ජය ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි මහා සෑය සහ මිරිසවැටිය යන ඓතිහාසික පූජා භූමියන්හි යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද කිරීමේ බෝධි පූජා පිංකම් සංවිධානය කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබීය.
ගෞරවනීය හා ආධ්‍යාත්මික මඟපෙන්වීමක් ලබාදෙමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ගෞරවයට ලක් වූ නව කුලපති හිමිපාණන්, ක්‍රිස්තු වර්ෂ 161 – 137 යුගයේ දුටුගැමුණු රජු විසින් ඉදිකරන ලද අනුරාධපුර රාජධානීයේ පළමු දාගැබෙහි (මිරිසවැටිය) භාරකාරත්වය දැරීම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ද මහත් ගෞරවයක් විය.
අද රජරට විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා සංකේතාත්මකව ‘විජිනිපත’ නව කුලපති හිමිපාණන් වෙත ගෞරව දැක්වීමක් ලෙස පිළිගැන්විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද සිල්වා ද නව කුලපති හිමිපාණන්ට සිය ගෞරවය පුද කරමින් එම අවස්ථාවේදී අටපිරිකරක් පූජා කළේය.
සෞඛ්‍ය ආරක්‍ෂක උපදෙස්වලට මුල්තැනක් දෙමින් පැවැති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය, පීඨයේ පීඨාධිපතිවරුන්, අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ. Sport media | Ανδρικά Nike