Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2020 16:39:38 Hours

ඩී.එස් සේනානායක විද්‍යාලයේ 83 වන කණ්ඩායමෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීට උණුසුම් පිළිගැනීමක්

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ කීර්තිමත් සහ දේශහිතෛෂි ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පසුගියදා රාජකාරී භාරගත් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වෙත උපහාර දැක්වීමේ උත්සවයක් එම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ 83 වන කණ්ඩායම විසින් ඉකුත් සිකුරාදා (24) දින ටාජ් සමුද්‍රා හෝටලයේදී පවත්වනු ලැබීය.

මෙම උත්කර්ෂවත් උත්සවයට සපැමිණි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහ එම මැතිණිය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළගැනීමෙන් අනතුරුව සංස්කෘතික බෙර වාදනයන් සහ සාම්ප්‍රදායික නර්තනයන් මධ්‍යයේ පෙරහැරකින් උත්සව පරිශ්‍රය වෙත කැඳවාගෙන යනු ලැබිණි. එහිදී, එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධායක කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ප්‍රසාද් අකුරන්තිලක විසින් පිළිගැනීමේ කථාව සිදුකරමින් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ යුද්ධ හමුදා වෘත්තිය දිවිය පිළිබඳ එම අවස්ථාවට සහභාගී වූවන්ට කෙටි හැදින්වීමක් කළේය.

මාතෘභූමියට සහ යුද්ධ හමුදාවට කළ සේවය ඇගයුමට ලක් කරමින් ආදි ශිෂ්‍ය සංගමය විසින් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වෙත සම්මාන සහ සමරුතිළිණයක් පිළිගැන්විය. මෙම උත්සවය අතරතුරදී,  කථිකාචාර්යවරයෙකු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවදිය පිළිබඳ මතකයන් යළි ආවර්ජනය කළේය.

මෙම උත්සවයට හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, ඩී.එස් සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ අලස් මහතාගේ බිරිඳ වන රෝහිණි අලස් මහත්මිය සහ ඔහුගේ පුත් හර්ෂ අලස් මහතා ද වූහ. එමෙන්ම, මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ යුද්ධ හමුදා දිවිය තුළ සමීපව රාජකාරී කළ විශ්‍රාමික නිලධාරීන් කිහිපදෙනෙක් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන් ද මෙම උත්සවය සඳහා එක්ව සිටියහ.

මෙම උත්සවය අතරතුරදී, ලොතරැයි දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයින් තේරීම මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් සිදුකරන ලදී. ඉන් අනතුරුව පැවැතී රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආදී ශිෂ්‍ය සංගමයේ සියලු සාමාජිකයින් ඔවුන්ගේ භාර්යාවන් සමඟ එක්වූහ. සංවිධායක කමිටුවේ ප්‍රධාන සම්බන්ධීකාරක සුසන්ත බාලපටබැඳි මහතා විසින් ස්තූති කථාව සිදුකිරීමෙන් පසු පාසල් ගීය ගායනා කිරීමෙන් අනතුරුව මෙම උපහාර උත්සවය නිමාවට පත්විය.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, දශක තුනකට අධික දීර්ඝ යුද්ධ හමුදා වෘත්තීය ජීවිතය තුළ, පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ (Explosive Ordnance Disposal Unit) ඒකකයේ නිලධාරි අණදෙන ඇතුළු අණදීමේ තනතුරු රාශීයක් හොබවා ඇත. එතුමන් 8 වන ඉංජිනේරු රෙජිමේන්තුවට සහ 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට අණදුන් අතර එම කාලයේ එතුමන් වවුනියාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කමිටුවේ ප්‍රධානියා විය. ඉන් අනතුරුව, එතුමන් පේදුරුතුඩුවේ පිහිටි 542 වන බලසේනාවේ බලසේනාධිපති ලෙසත්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වසර තුනකට අධික කාලසීමාවක් සේවය කළේය. ඉන් අනතුරුව, එතුමන් ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති ලෙස පත් විය. ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති ලෙස එතුමන් බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට හා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කරන ඉංජිනේරු භටයින්ට ඉතා ඉහළ පිළිගැනීමක් ලබා දුන්නේය. එතුමන් වර්ෂ 2020 ජූනි මස 01 දින යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාරගත්හ. මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් සිය යුද්ධ හමුදා දිවිය තුළදී, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. latest Running Sneakers | Nike Shoes