Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2020 17:37:13 Hours

‘රණවිරු ඇපරල්ස්’ ආයතනයට කාන්තා වෘත්තිකයින් බඳවා ගැනේ

යක්කල සහ අලව්ව ප්‍රදේශයේ පිහිටි රණවිරු ඇපරල්ස් ආයතනයන්හි වෘත්තීය මහන මැෂින් ක්‍රියාකාරිනියන් බඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව විසින් අයදුම්පත් කැඳවා ඇත. වර්ෂ 2020 අගෝස්තු මස 21 දිනට ප්‍රථම සුදුසුකම් සහිත අයවළුන්ට මහන මැෂින් ක්‍රියාකාරිනියන් (සෙසුනිල) ලෙස යුද්ධ හමුදාවට එක්වීමට අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

මෙලෙස බඳවාගනු ලබන කාන්තා වෘත්තිකයින් සඳහා මාසික වැටුපට අමතරව ප්‍රවාහන, නිල ඇඳුම්, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම්, වරප්‍රසාද ඇතුළු සියළුම දීමනාවන් හිමිවනු ඇත.

අයදුම්පත බාගත කරගැනීමට යුද්ධ හමුදා වෙබ් අඩවියේ (www.army.lk/slavf) මුල් පිටුවේ ‘අප හා එක්වන්න’කොටසට පිවිසෙන්න.

වැඩි විස්තර සඳහා 033-2224031 / 033-2223339 / 0113188558 දුරකථන අංක ඔස්සේ අමතන්න. Sports News | adidas