Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2020 17:13:01 Hours

නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී ලෙස මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර ඉකුත් සිකුරාදා (24) දින සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

ඉන් අනතුරුව, එතුමන්ගේ නව පත්වීම වෙනුවෙන් කාර්යාලයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සිය සුබපැතුම් පිරීනැමීය. මීට ප්‍රථම, මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස්, අකුරේගොඩ ආරක්‍ෂක මුලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර එම ධූරයට පත් කෙරිණි. Adidas shoes | Nike