Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2020 17:14:20 Hours

56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආබෲ රාජකාරී අරඹයි

වවුනියාව ප්‍රදේශයේ පිහිටි 56 වන සේනාංකයේ 22 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් වසන්ත ආබෘෘ ඉකුත් බදාදා (23) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන්, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, 56 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ. latest Nike release | Gifts for Runners