Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2020 12:32:05 Hours

යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකට නව නිවසක් ඉදිකරදෙයි

ජාත්‍යන්තර වශයෙන් තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ‘මාලති’ බලකායේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් යාපනය, වල්ලිපුරම් ප්‍රදේශයේ අභිනවයෙන් නව නිවසක් ඉදිකරදෙයි.

මීට දින කිහිපයකට ප්‍රථම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දකුණේ සුප්‍රසිද්ධ දානපතියෙකු වන කුමාර වීරසූරිය මහතා සහ ඔහුගේ මිතුරන් කණ්ඩායමක් විසින් ඉදිකිරීමට යෝජිත නිවස සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය මිළදීගැනිමට අනුග්‍රාහකත්වය ලබාදීමට එකඟවිය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර සිට පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වූ ශිවරාජන් නන්දනී මහත්මිය ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් නිවසක් නොමැතිවීම හේතුවෙන් පසුවන අපහසුතාවයන් පිළිබඳ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ අවධානය යොමුවිය.

ඒ අනුව, නිවාසලාභියාගේ සිහිනය සැබෑ කරමින් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ උපදෙස් මත 551 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය ඇතිව නව නිවස ඉදිකරගෙන යමින් පවති.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් සඳුදා (20) දින ඉදිකිරීමට යෝජිත නව නිවසේ මුල්ගල තැබු අතර එම අවස්ථාවට පරිත්‍යාගශිලින්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 551 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම අවට ප්‍රදේශවාසින් ද සහභාගි වුහ. මේ අනුව, ඉදිරි සති කිහිපය තුළ එම නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට භටපිරිස් අපේක්‍ෂා කරයි. Running sport media | adidas