22nd July 2020 22:59:25 Hours
දියතලාවේ පිහිටි 1 වන ගැමුණු හේවා බළඇණි මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි යටත් විජිත සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක්, එම බළඇණියේ දේශන ශාලාව ලෙස ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මෙන්ම ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ සුරතින් ඉකුත් සෙනසුරාදා (18) දින විවෘත කෙරිණි.
යටත් විජිත සමයේ ගෘහ නිර්මාණ ශිල්පය සහිත මෙම පෞරාණික ගොඩනැගිල්ල සම්මන්ත්‍රණ ශාලාවක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථම රෙජිමේන්තු මුලස්ථානයේ බුද්ධි කාර්යාලය මෙන්ම දේශණ පැවැත්වීම වෙනුවෙන් සීමාසහිත ඉඩකඩක් ඇතිව භාවිතා කරන ලදී. රෙජිමේන්තු අධිපතිතුමන්ගේ මුලිකත්වයෙන්, 1 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී මේජර් වයි.ආර්.අයි. දිසානායක විසින් මෙම පෞරාණික ගොඩනැගිල්ලේ මුල් සැකැස්මට කිසිදු හානියක් නොවන පරිදි අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට පියවර ගත්හ.
සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා සහභාගි වූ අතර 1 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ. jordan release date | Gifts for Runners