22nd July 2020 22:58:25 Hours
68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ ඉකුත් සඳුදා (21) දින 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී, එම ඒකකයන්හී අණදෙන නිලධාරින් විසින් සේනාංකාධිපතිතුමන්ව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
මෙම සංචාරය සනිටුහන් කරමින් එම ඒකක පරිශ්‍රයන්හී අඹ සහ සඳුන් පැළ රෝපණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතීමට ද අමතක නොකළේය. සිය සංචාරයේ අවසානයේ සේනාංකාධිපතිතුමන්, එම ඒකකයන්හී විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වලද සමරු සටහන් තැබීය. bridge media | Jordan Ανδρικά • Summer SALE έως -50%