22nd July 2020 19:04:54 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඉකුත් සඳුදා (21) දින 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ සහ 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
සංචාරයෙහි නිරත මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ සහ 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායන්හී අණදෙන නිලධාරින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිය.
මෙම සංචාරය සනිටුහන් කරමින් එම ඒකකයන්හි සඳුන් සහ නා පැළ සිටවූ ආඥාපතිතුමන් භටපිරිස් ඇමතීමට ද අමතක නොකළේය. සිය සංචාරය අවසානයේ එම ඒකක වල විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සමරු සටහන් ද තැබීමට එතුමන් කටයුතු කළේය. Sportswear Design | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify