Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2020 22:48:25 Hours

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව පිළිබඳ සාකච්ඡා කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ ප්‍රධානත්වයෙන් කතරගම වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම වර්ෂ 2020 ජුලි මස 20 දින කතරගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි.

මෙම හමුව සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න, 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලංකා අමරපාල, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මෙන්ම යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වුහ.

තවද, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කතරගම දේවාල භූමියේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූ අතර දේවාලයේ ප්‍රධාන කපු මහතා ද හමුවිය. latest Nike Sneakers | NIKE AIR HUARACHE