22nd July 2020 23:15:25 Hours
දියතලාවේ පිහිටි ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ 14 වන සේනාවිධායක ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් විපුල ඉහළගේ ඉකුත් සඳුදා (20) දින පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.
බ්‍රිගේඩියර් විපුල ඉහළගේ, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් නව සේනාවිධායක වෙත හඳුන්වා දෙනු ලැබූහ.
මීට ප්‍රථම, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් කීත්සිරි ඒකනායක, යුද්ධ හමුදා මුලස්ථානයේ නව සැලසුම් අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් විපුල ඉහළගේ මෙම ධූරය සඳහා පත්කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. Sports brands | Nike News