22nd July 2020 23:00:25 Hours
රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 9 වන අධ්‍යක්‍ෂක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර ඉකුත් බදාදා (22) දින සිය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
බ්‍රිගේඩියර් චන්දන රණවීර, ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් නව අධ්‍යක්‍ෂතුමන් වෙත හඳුන්වා දෙනු ලැබූහ.
මීට ප්‍රථම, රණවිරු සේවා අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් සාරද සමරකෝන් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් චන්දන රණවීර මෙම ධූරය සඳහා පත්කෙරිණි.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. buy shoes | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf