Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2020 22:57:25 Hours

නව වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

වත්කම් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 16 වන අධ්‍යක්‍ෂවරයා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ජයවර්ධන ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීය. ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එතුමන් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරනු ලැබිණි. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

මීට ප්‍රථම, වත්කම් කළමණාකරණ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් තිලක් වීරකෝන් 24 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියන්ත ජයවර්ධන මෙම ධූරය සඳහා පත්කෙරිණි. Running Sneakers | Sneakers