Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2020 11:34:43 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් ඉදි වේ

සුනාමි නිවාස යෝජනා ක්‍රමය යටතේ නායාරු චෙම්මලේ ප්‍රදේශයේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක විසු ඥානප්‍රකාශම් මරියදාසන් මහතාගේ (Gnanaprakasham Mariyadasan) නිවසේ ඉදිරි වැඩකටයුතු පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව නිම කිරිම සඳහා 59 වන වන සේනාංක මූලස්ථානය යටතේ ඇති 593 වන බලසේනාවේ භටපිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

ඥානප්‍රකාශම් මරියදාසන් මහතා අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසේ වැඩකටයුතු නිම කරගැනීම සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටි අතර 593 වන බලසේනා මුලස්ථානයේදී 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා සමඟ සාකච්ඡා කොට එම නිවසේ වැඩකටයුතු නිම කිරීම සඳහා අමුද්‍රව්‍ය මිළදීගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමට එම ප්‍රදේශයේම පරිත්‍යාගශීලියෙකු සම්බන්ධ කරගැනීම 593 වන බලසේනා මූලස්ථානයට හැකියාව ලැබිණි.

මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 593 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත පසුගිය සතියේ මුල් භාගයේ දී පැවති කෙටි උත්සවයකින් අනතුරුව ආරම්භ කෙරිණි. තවත් සති කිහිපයක් තුළ නිවසේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට යුද්ධ හමුදා භටපිරිස් අපේක්‍ෂා කෙරේ. affiliate tracking url | Air Jordan