22nd July 2020 20:57:55 Hours
යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 41 වන අධ්‍යක්‍ෂක ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ බ්‍රිගේඩියර් අනිල් උදය කුමාර ඉකුත් බදාදා (22) දින සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
බ්‍රිගේඩියර් අනිල් කුමාර සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. ඉන් අනතුරුව, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් නව අධ්‍යක්‍ෂතුමන් වෙත හඳුන්වා දෙනු ලැබූහ.
මීට ප්‍රථම, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය 55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් අනිල් කුමාර මෙම ධූරය සඳහා පත්කෙරිණි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගී වූහ. Sports brands | jordan Release Dates