Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2020 19:04:54 Hours

මුලතිව් යුද්ධ හමුදා කඳවුරේදී දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වති

වර්ෂ 1996 ජූලි මස 17 සහ 18 දින දෙකේ නොකඩවා එල්ල කළ ප්‍රහාරවලදී මව්බිම වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඉකුත් සෙනසුරාදා (18) දින මුලතිව් යුද්ධ හමුදා කඳවුරේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පැවැත්විණි.

මෙම උත්සවය සඳහා 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරේ අණදෙන නිලධාරී මේජර් ලලිත් ඈපා ගේ ආරාධනාවකට අනුව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

කඳවුර වටලා එල්ල කල ප්‍රහාරවලදී, 5 වන බලසේනාවට අයත් වීරෝදාර රණවිරුවන් 119 දෙනෙක්, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් රණවිරුවන් 478 දෙනෙක් සහ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් රණවිරුවන් 572 දෙනෙක් ඇතුළු යුද්ධ හමුදා නිලධාරින් 44 දෙනෙකු සහ සෙසු නිලයින් 1125 දෙනෙකු සිය ජීවිත රට වෙනුවෙන් පූජා කරනු ලැබූහ.

මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රථමයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පූෂ්පෝපහාර දක්වමින් සිය ගෞරවය පුදකළ අතර ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද එම පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාව වෙනුවෙන් සඳහා එක්වූහ.

මෙම සැමරුම් උත්සවය සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 591 සහ 682 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන් හා 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිවරුන් මෙන්ම සෙසු නිලයින් ද සහභාගී වූහ. latest jordans | Nike News